Sunday, May 8, 2016
ප්‍රධානියා සහ සෙස්සෝ
මෙළොව වසන සෑම මනුෂ්‍යකුම තම ජීවන ගමන අරභයා කුමන හෝ රැකියාවක නියතුවී සිටිති..සේවක සේව්‍ය දෙපිරිසටම අයිතිවූවන් දිවා රෑ නොබලා තම ජීවන ගමන දුවති...තමන්ගේම ව්‍යාපාරයන් වල නිරතවූ වන්ද මෙයින් නොමිදේ..මේ නොයෙකුත් රැකියාවන්කරද්දී අපිට මිහිරි සේම අමිහිරි පුද්ගලයයෝද හමුවෙති..කැමැත්තෙන්න් මෙන්ම අකමැත්තෙන්ද ඔවුන් සමග කටයඋතු කිරීමට සිදුවේ..මෙහිදි " ප්‍රධානියා ප්‍රධාන වේ..
සාමාන්‍ය සේවකයාට තම ඉහල නිළධාරියා ප්‍රධානියෙකි.නැතිනම් "සර්" කෙනෙකි...මෙන්න මේ "සර්ලා" දෙපිරිසකි...එක් පිරිසක් සේවකයන් සමග වැඩකරනා "සර්" ලාය...අනෙකුන් සේවකයන් සමග වැඩ කරණා බව පෙන්න්වන "සර්" ලාය...පළවෙනි පිරිසෙන් සේවකයන්ට අනතුරක් නැත..සේවකයෝද ඔවුනට අවනතව සිය රාජකාරි කරගෙන යයි..දෙවෙනි පිරිස මහා ඇණයකි...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පිස්සන්" පිරිසකි..මෙවැනි පිස්සෝ සෑම ආයතනයකම සුළබ දසුනකි..මන්දයත් මේ පිස්සන්ට ඉහළ නිළධාරින් කැමතිය.ඒ මන්ද යත් පිස්සන් තමන් කියනා සෑම දෙයක්ම හොඳ නොහොඳ නොවිමසා පහල ස්ථරයන් ලවා කරවාගන්නා බව ඔවුන් දන්නා නිසාය..
මෙන්න මේ දෙවෙනි පිරිසට අයත් "සර්ලා" නැතිනම් "පිස්සන්" නිසා බොහෝ ආයතනව කීර්ති නාමය පළුදු වී ගොස් ඇති තැන් සමාජයේ බොහෝය. සුළු සුළු ලාබ ප්‍රයෝජනයන් පෙන්වා ආයතන හිමිකරුවන් "පිස්සන්" ලවා තම සේවක පිරිස් පාළනය කිරීමට යාම එක් අතකින් " බලලුන් ලවා කොස් ඇට බා ගැනීමක් හා සමානය.."
ආයතනයක් තම සාර්තකත්වය කරා පියනැගීමේදී එහි වැඩි බර දරන්නෝ සේවකයන්ය.ප්‍රධානීන්න්ගේ සැලකිල්ලක ඇත්නම් සේවකයෝද සතුටු සිත් ඇත්තෝ වෙති.එසේ නොමැති නැන වෙන්නේ විනාසයකි.එයින් වන්නේ පාඩු පිට පාඩු ලබන්නාවූ තත්වයකි..
මෙය ආයතනයකට සේම සෑම රටක පරිපාලන පද්ධතියටද පොදුවූ කාරණයකි..බුද්ධිමත් පාළකයෝ කිසිදා බලලුන් ලවා කොස් ඇට බාගන්නේ නැත..සියළු දෑ මනා කොට පරිපාළනය කරගනිති...නමුත් සැම දෙනා එසේ නොකරති..
පසුගිය රජය සමයේත් මෙවැනි චරිතයන් කිහිපයක් අපට හමුවිය..විටෙක එක්තරා ඇමතියෙකු සිය රාජ්‍ය නිලධාරියෙකු ගස් බැන්දේය...ආයෙ ලිහුවේය..රාජ්‍ය මාධ්‍යක් තුලට ගොස් යකා නැටුවේය...නොයෙකුත් අකටයුතුකම් කලේය..මහ ගසේ සෙවණට වී ගසට ආවඩමින් ගසේම සාරය උරාබොමින් වැඩුනේය..අවසානයේ මේ කඳ පණුවන් වැනි වූ චරිත නිසා ගස දිරාපත් විය...ඉන් අසරණවූ මෙමෙ සත්වයෝ වෙනත් ගස් සොයන්නට වූහ..බලලා මල්ලෙන් එලියට පැන්නේ මේ කාලයේය..සරණක් නොමැතිව අසරණ වූ මොවුන් නොයෙකුත් විකාර දොඩවන්නට පටන්ගත්තේය...මම එහෙම කලේ අරය කී නිසා..
මම එහෙම කීවේ මෙයාගෙ බලකිරීමට ...
වැනි දෙඩවිලි මාධ්‍යන් හට උණුසුම් පුවත් විය ..
ඒ එදාය..අද එහි දෙවන කොටස වත්මන් ආණ්ඩුව රඟපාමින් සිටිති.මෙහි සමීපතම සිදුවීම නම් පසුගිය දින පාර්ලිමේන්තුව තුල උද්ගතවූ සිද්ධියයි..මෙයට මුල්වූ පුද්ගලයා ගැන දැන් රටම දනී..නමුත් ආණ්ඩු පක්ෂය ඊට ගත් ක්‍රියාදාමය ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් කිරීම පමණකි..එය ඔහුට නිල වැකේශන් එකකි...ඉන් පසුව නොයෙකුත් හේතු දක්වමින් ආණ්ඩුව ඒ අවමනින් මිදීමට ක්‍රියා කරමින් සිටී. මේවැනි පුද්ගලයන් සිටීම ආණ්ඩුවකට එක් අතින් වාසියකි.මන්ද හදිසි අවස්ථාවකට මෙවන් පුද්ගලයන් යොදාගැනීමට පුළුවන් බැවිනි..නමුත් ඉන් ආණ්ඩුවකට වන අයහපත පිළිබඳ ව ඔවුනට ගාණක් නොමැත.මේ තත්වයද අප ඉහතින් දක්වනලද ප්‍රධානියා සහ පිස්සන් සටහනට සියයට සියයක් අදාල වේ...ආණ්ඩුවක ඉහළ පෙළ වැජබෙන්නෝ මෙවැනි චරිතයන් නිල නොවෙනා "ඉටුදෙවියන් "සේ ලා සලකති..නමුත් ආණ්ඩුවක් වැටෙන්නටද වැඩ සිද්දවන්නෙ මේ වැනි පුද්ගලයන් නිසාය..පාර්ලිමේන්තු සිද්ධියට අදාල ඇමතිවරයා සමඟ බි. බී. සී මාධ්‍ය වේදියෙකු පවත්වන ලද සාකච්ඡාවක් නොබෝදා එලියට ආවේය.එහිදී මාධ්‍ය වේදියා ඉහත සිදුවීමට වරද පිළිගන්නවාදැයි ඇසූ පැණයට එම ඇමතිවරයාගේ පිළිතුර වූයේ " කොහොමත්ම නැහැ..මම හිතන්නෙ මගේ අතින් උනේ හොඳ දෙයක් කියලයි " යන්නයි...
අවසන අනාගත සමාජය පරමාදර්ශී චරිතයන් කොට ගන්නේ මොවුන්මය..
-- හරස් වීදිය --
Labels:
දේශපාලන,
ප්‍රධානියා සහ සෙස්සෝ,
වර්ථමානය,
සමාජය
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment