Saturday, May 14, 2016

සුනිල් සාන්ත



වරෙන් හීංසැරේ ..
වරෙන් හීංසැරේ ..
වරෙන් හීංසැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින් ඇදී යන්න
වළාවේ ..
සිසිල් පවන් බිබී...
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ ..
වරෙන් හීංසැරේ රිදී වළාවේ ..


සිංහල ගීත ගැන අපට මේ සටහන් තබන්නට සිංහල ගීත ගැන කටා කරන්නට මෙන්ම සිංහල ගී රසවිඳීමට  අද මෙලෙස හැකිවී තිබෙනුයේ අතීතයේ මිහි ලොවට බට එක් සුන්දර මිනිසෙකු නිසාවෙනි ...ඔහු නමින් සුනිල් ශාන්ත නම් වේ ...

දොන් ජෝශප් ජෝන් නමින් 1915 බක් මස දාහතර වනදා මෙලොව එළිය දුටු මොහු සිංහල ගීයෙහි මුදුන් මල්කඩ වනු ඇතැයි එදා කිසිවෙකුත් නොසිතන්නට ඇත.1939 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුලත්වූ මොහු සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ක් සහ ගායනය පිළිබඳ තවත් උපාධියක් සමග 1944 දී යලි මෙරටට පා තැබූවේ සුනිල් ශාන්ත යන නමිනි .

එවකට පැවති හෙළ හවුල හා සබඳ කම ගොඩනගාගත් මෙතුමාට ඒ වනවිට ඉංදීය රාගධාරී සංගීතයට නතුවී තිබුණ සිංහල ගීය ස්වදේශීය ආරකට ගෙන ඒමට උවමනාවිය..මේ සඳහා ඔහුට බල පෑවේ කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ කවියක් තදින් සිතට කාවැදීමයි. මේ සදහා අරිසෙන් අහුබුදු ශූරීන්ගේ සබැදියාවත් ඔහුට බලපාන ලදී..

1946 දී සංගීත් ක්ෂේත්‍රයට පාතැබූ මෙතුමා " ඕළු පිපීලා සහ හඳපානේ යන ගී දෙක මුලින්ම ගුවන් විදුලියෙහි පටිගටත කරණ ලදී.

සෑම විටම ගීතයක සංගීතයට වඩා කටහඬ මතුවිය යුතුය යන වග තීරණයෙහි සිටි මෙතුමා තම බොහෝ ගී සඳහා අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදාගෙන තම ගී නිර්මාණය කොට ඇති බැව් ඔහුගේ මුල් පටිගටත කිරීම් වලට සවනදීමේදි කාහට උවද තේරුම්ගත හැක.

එවකට ගුවන් විදුලි බලධාරීන් ඉන්දියාවෙන් පණ්ඩිත් රතන් ජංකර් පඬිතුමා ගෙන්වා ලාංකීය ශිල්පීන් වර්ගීකිරීමට තීරණයක් ගත් මොහොතේ සුනිල් සාන්තයෝ එයට එරෙහි විය.ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමන් ඉන්දියාවේ දී එම පරීක්ෂණය සමත්වී ඇති හෙයින් යලි එවැනි දෙයක් අනවශ්‍ය බවයි. එයට එරෙහි වීමේ ප්‍රතිඵලක් ලෙස ඔහුට 1952 දි ගුවන්විදුලියෙහි දොරටුව වැසිණි.

අද මෙන් ගුවන් විදුලි නාලිකා සිය ගනනක් නොවූ එකල ඔහුගේ ගීත සමාජගත් කිරීමට තිබූ එකම මාර්ගය වැසීයාම ඔහුට ගායකයෙකු වශයෙන් වැදුන ප්‍රබල අතුල් මපහරක් විය. මහා ඛේදවාචකයක් විය ...අදද අප රස විදින සුනිල් සාන්තයන්ගේ බොහෝ ගී ඔහුගේ සය වසරක් වැනි කෙටි කාළීන සංගීත් දිවියේ ඔහු කල නිර්මාණයෝ වෙති.

ඔහු ගුවන් විදුලිය හැර ගිය 1952 දීම පාසල් ගුරුවරියක හා විවාහ දිවියට ඇතුලත් විනි. මේ දෙපලට පුතුන් සතර දෙනෙකු හා එක් දියණියක ලැබුණ අතර සංගීත දිවිය පසෙක තැබූ ඔහු තම දරු පවුල රැක ගැනීම සදහා නොයෙකුත් රැකියාවල නිරත විය..අපේ රට දේශීය සංගීතයෙහි ඉටු දෙවියෙකු වැනිවූ මොහු ගුවන් විදුලියෙන් වූ බලවත් අසාධාරණයෙන් කෙතරම් පීඩාවිදිද යත් තම දරුවන් හට  සංගීතය ඉගනගැනීම පවා තහනම් කලේය.

යලිත් එයෙන් වසර 15 ට පසු ඔහු පිටමන් කල ගුවන්විදුලියම නැවතත් ඔහු කැඳවන ලදී..නමුත් වසර පහලොවක් යනු මිනිසෙකුගේ ජීවිතයෙහි සුළුපටු කාළයක් නොවේ..

මෙවන් වටිනා මිනිසුන්ගේ වටිනාකම් නොදත් සමාජයට ඔහුගේ වටිනාකම දැනෙන්නට පටන්ගන්නා කාළය වනවිට ඔහු මෙලොව නැත. වසර 66 ක් ආයු වැළදූ සිංහල සංගීතයෙහි කෝකිලයා 1981 අප්‍රේල් එකොලොස්වනදාක මෙලොව හැර ගියේ කෝකිළ ගීත ඇසෙනා වසන්ත සමයකය.

ඔබ වැනිවූ උතතරීතර විරල මනුෂ්‍යයෝ අද කාළයේ නොමැතිවීම අද පරපුරෙහි අපිට මෙන්ම හෙට උපදින පරපුරටද දැරිය නොහැකි පාඩුවකි..

harasveediya.blogspot.com

No comments:

Post a Comment