හරස් වීදිය
Saturday, May 14, 2016
සුනිල් සාන්ත
වරෙන් හීංසැරේ ..
වරෙන් හීංසැරේ ..
වරෙන් හීංසැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින් ඇදී යන්න
වළාවේ ..
සිසිල් පවන් බිබී...
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ ..
වරෙන් හීංසැරේ රිදී වළාවේ ..
සිංහල ගීත ගැන අපට මේ සටහන් තබන්නට සිංහල ගීත ගැන කටා කරන්නට මෙන්ම සිංහල ගී රසවිඳීමට අද මෙලෙස හැකිවී තිබෙනුයේ අතීතයේ මිහි ලොවට බට එක් සුන්දර මිනිසෙකු නිසාවෙනි ...ඔහු නමින් සුනිල් ශාන්ත නම් වේ ...
දොන් ජෝශප් ජෝන් නමින් 1915 බක් මස දාහතර වනදා මෙලොව එළිය දුටු මොහු සිංහල ගීයෙහි මුදුන් මල්කඩ වනු ඇතැයි එදා කිසිවෙකුත් නොසිතන්නට ඇත.1939 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුලත්වූ මොහු සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ක් සහ ගායනය පිළිබඳ තවත් උපාධියක් සමග 1944 දී යලි මෙරටට පා තැබූවේ සුනිල් ශාන්ත යන නමිනි .
එවකට පැවති හෙළ හවුල හා සබඳ කම ගොඩනගාගත් මෙතුමාට ඒ වනවිට ඉංදීය රාගධාරී සංගීතයට නතුවී තිබුණ සිංහල ගීය ස්වදේශීය ආරකට ගෙන ඒමට උවමනාවිය..මේ සඳහා ඔහුට බල පෑවේ කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ කවියක් තදින් සිතට කාවැදීමයි. මේ සදහා අරිසෙන් අහුබුදු ශූරීන්ගේ සබැදියාවත් ඔහුට බලපාන ලදී..
1946 දී සංගීත් ක්ෂේත්රයට පාතැබූ මෙතුමා " ඕළු පිපීලා සහ හඳපානේ යන ගී දෙක මුලින්ම ගුවන් විදුලියෙහි පටිගටත කරණ ලදී.
සෑම විටම ගීතයක සංගීතයට වඩා කටහඬ මතුවිය යුතුය යන වග තීරණයෙහි සිටි මෙතුමා තම බොහෝ ගී සඳහා අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදාගෙන තම ගී නිර්මාණය කොට ඇති බැව් ඔහුගේ මුල් පටිගටත කිරීම් වලට සවනදීමේදි කාහට උවද තේරුම්ගත හැක.
එවකට ගුවන් විදුලි බලධාරීන් ඉන්දියාවෙන් පණ්ඩිත් රතන් ජංකර් පඬිතුමා ගෙන්වා ලාංකීය ශිල්පීන් වර්ගීකිරීමට තීරණයක් ගත් මොහොතේ සුනිල් සාන්තයෝ එයට එරෙහි විය.ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමන් ඉන්දියාවේ දී එම පරීක්ෂණය සමත්වී ඇති හෙයින් යලි එවැනි දෙයක් අනවශ්‍ය බවයි. එයට එරෙහි වීමේ ප්‍රතිඵලක් ලෙස ඔහුට 1952 දි ගුවන්විදුලියෙහි දොරටුව වැසිණි.
අද මෙන් ගුවන් විදුලි නාලිකා සිය ගනනක් නොවූ එකල ඔහුගේ ගීත සමාජගත් කිරීමට තිබූ එකම මාර්ගය වැසීයාම ඔහුට ගායකයෙකු වශයෙන් වැදුන ප්‍රබල අතුල් මපහරක් විය. මහා ඛේදවාචකයක් විය ...අදද අප රස විදින සුනිල් සාන්තයන්ගේ බොහෝ ගී ඔහුගේ සය වසරක් වැනි කෙටි කාළීන සංගීත් දිවියේ ඔහු කල නිර්මාණයෝ වෙති.
ඔහු ගුවන් විදුලිය හැර ගිය 1952 දීම පාසල් ගුරුවරියක හා විවාහ දිවියට ඇතුලත් විනි. මේ දෙපලට පුතුන් සතර දෙනෙකු හා එක් දියණියක ලැබුණ අතර සංගීත දිවිය පසෙක තැබූ ඔහු තම දරු පවුල රැක ගැනීම සදහා නොයෙකුත් රැකියාවල නිරත විය..අපේ රට දේශීය සංගීතයෙහි ඉටු දෙවියෙකු වැනිවූ මොහු ගුවන් විදුලියෙන් වූ බලවත් අසාධාරණයෙන් කෙතරම් පීඩාවිදිද යත් තම දරුවන් හට සංගීතය ඉගනගැනීම පවා තහනම් කලේය.
යලිත් එයෙන් වසර 15 ට පසු ඔහු පිටමන් කල ගුවන්විදුලියම නැවතත් ඔහු කැඳවන ලදී..නමුත් වසර පහලොවක් යනු මිනිසෙකුගේ ජීවිතයෙහි සුළුපටු කාළයක් නොවේ..
මෙවන් වටිනා මිනිසුන්ගේ වටිනාකම් නොදත් සමාජයට ඔහුගේ වටිනාකම දැනෙන්නට පටන්ගන්නා කාළය වනවිට ඔහු මෙලොව නැත. වසර 66 ක් ආයු වැළදූ සිංහල සංගීතයෙහි කෝකිලයා 1981 අප්‍රේල් එකොලොස්වනදාක මෙලොව හැර ගියේ කෝකිළ ගීත ඇසෙනා වසන්ත සමයකය.
ඔබ වැනිවූ උතතරීතර විරල මනුෂ්‍යයෝ අද කාළයේ නොමැතිවීම අද පරපුරෙහි අපිට මෙන්ම හෙට උපදින පරපුරටද දැරිය නොහැකි පාඩුවකි..
harasveediya.blogspot.com
Thursday, May 12, 2016
හර්බට් රංජිත් පීරීස්
උන්මාද සිතුවම් මැවෙ බිදේ
මීඳුම් වළා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ ...
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළග පමණි උරුමේ
හඩාවැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ ....
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එ මල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ ...
" අන්න පුතේ පහන් කණුව කැරකෙනවා ...
ඉස්සර රෑට දකුණු අහස එළිය කරමින් විටින් විට වැටෙන විදුලි එළිය දුටුවම අපේ ආච්චි එහෙම කියනව ...දෙවිනුවර ප්‍රදීපාගාරයෙන් නික්මෙන එළිය එදා වගේම අදත් දකුණු අහස ඒකාලෝක කරනව...
එදා ඒ හැටි තේරුමක් නැතත් පහුවෙද්දිනම් පහන් කණුව කියන්නෙ ප්‍රදීපාගාරයට නොහොත් ලයිට් හවුස් එකට කියල අපි දැනගත්ත...අදටත් රෑට මාතර පහුකරල ටික දුරක් එද්දි දෙවිනුවර නැත්නම් දෙවුන්දර ප්රදීපාගාරයෙහි එළිය ඔබට දකින්න පුළුවන්...
මේ ලයිට් හවුස් එකේ එලිය දකිද්දි මට නිතරම මතක් වෙන්නෙ විශාරද " ගුනදාස කපුගේ " ගයන මේ ගීයයි..මේ ගීය ඇසෙද්දි හදවතේ කොහේ හෝ තැනක පුංචි වේදනාවක් දැනෙන්නෙ මට විතරක්ද කියල මම දන්නෙ නෑ....සමහරවිට ඔබටත් එහෙම දැනෙනව ඇති....
විශාරද කපුගේ මේ ගීතය ගායනා කලේ " එක්ටැම්ගේ " චිත්‍රපටයට... එක්ටැම්ගේ 1980 දි අපෙන් අකාලයේ වියෝවුන ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ " හර්බට් රන්ජිත් පීරිස් " නිර්මාණයක්....
කොතෙක් නැරඹුවත් ඇතිවෙන්නෙ නැති ගතියක් " හර්බට් " ගෙ හැම නිර්මාණයකම තියනව කියලයි මට හිතෙන්නෙ..විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය නොකලට ඔහු විවිධාකාර අයුරින් නිර්මාණ හා සම්බන්ධවුනු පුද්ගලයෙක්... " සැනකෙළිය " චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ හර්බට් රන්ජිත් පීරිස්ගේ අවසාන සිනමා නිර්මාණය උනේ " හායි හූයි බබි ආච්චි "...
කොතෙක් සිනමා නිර්මාණ කලත් එක්ටැම්ගේ වගේ චිත්‍රපටයක් රන්ජිත් අතින් ආයෙ නිර්මාණය උනේ නෑ...ඊට හේතු උනේ ඒ කාලෙ වන විට අද වගේ එක එක වර්ගයෙ රැළි තිබුණු කාළයක රන්ජිත් අතින් එක්ටැම්ගේ වැනි වෙනත් ආකාරයක චිත්‍රපටයක් නිමැවීමයි...අද තිබෙන්නෙ ඓතිහාසික චිත්‍රපට රැල්ල වගේ එදා තිබුන චිත්‍රපට රැල්ල හා ඔහුගෙ " එක්ටැම්ගේ " ගැලපුනේ නෑ....මේ චිත්‍රපටයේ වටිනාකම දැනෙන්න ටිකක් කාලයක් ගතවුනා...
කොහොම උනත් හර්බට් රන්ජිත් පීරිස් කියන නිර්මාණ කරුවා අතින් ලස්සන ටෙලිනාට්‍ය නම් කිහිපයක්ම බිහිවුනා.." හිරුට මුවාවෙන් " , " හිරු තනිවෙලා " , " ලෝකාන්තය " ඒ අතරින් කිහිපයක්...
සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම හොද රසවන්තයෙකු වූ හර්බට් රන්ජිත් පීරිස් අපෙන් වෙන්වුනේ අවුරුදු හැට නමයක ජීවිත ගමනක් නිමාකරල දෙදහස් හත වසරෙදි...පහන් කනුව යට අඳුරුයි කියල කතාවක් තියනව වගේ බොහෝ තරු වලට ආළෝකයක් දුන්න මේ පහන් කණුව ගැන මීට වඩා කතා කලයුතු යුතුව තිබුණ...." උන්මාද සිතුවම් කියන ගීය ඇහෙන වාරයක් වාරයක් පාසා හර්බට් රන්ජිත් පීරිස් බරවුනු දෙනෙතින් යුතුව කොහේ හො ඉදන් අදත් මේ ගීතය රසවිඳිනව ඇති කියල මට හිතෙනව...
-- හරස් වීදිය --

Sunday, May 8, 2016
ප්‍රධානියා සහ සෙස්සෝ
මෙළොව වසන සෑම මනුෂ්‍යකුම තම ජීවන ගමන අරභයා කුමන හෝ රැකියාවක නියතුවී සිටිති..සේවක සේව්‍ය දෙපිරිසටම අයිතිවූවන් දිවා රෑ නොබලා තම ජීවන ගමන දුවති...තමන්ගේම ව්‍යාපාරයන් වල නිරතවූ වන්ද මෙයින් නොමිදේ..මේ නොයෙකුත් රැකියාවන්කරද්දී අපිට මිහිරි සේම අමිහිරි පුද්ගලයයෝද හමුවෙති..කැමැත්තෙන්න් මෙන්ම අකමැත්තෙන්ද ඔවුන් සමග කටයඋතු කිරීමට සිදුවේ..මෙහිදි " ප්‍රධානියා ප්‍රධාන වේ..
සාමාන්‍ය සේවකයාට තම ඉහල නිළධාරියා ප්‍රධානියෙකි.නැතිනම් "සර්" කෙනෙකි...මෙන්න මේ "සර්ලා" දෙපිරිසකි...එක් පිරිසක් සේවකයන් සමග වැඩකරනා "සර්" ලාය...අනෙකුන් සේවකයන් සමග වැඩ කරණා බව පෙන්න්වන "සර්" ලාය...පළවෙනි පිරිසෙන් සේවකයන්ට අනතුරක් නැත..සේවකයෝද ඔවුනට අවනතව සිය රාජකාරි කරගෙන යයි..දෙවෙනි පිරිස මහා ඇණයකි...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පිස්සන්" පිරිසකි..මෙවැනි පිස්සෝ සෑම ආයතනයකම සුළබ දසුනකි..මන්දයත් මේ පිස්සන්ට ඉහළ නිළධාරින් කැමතිය.ඒ මන්ද යත් පිස්සන් තමන් කියනා සෑම දෙයක්ම හොඳ නොහොඳ නොවිමසා පහල ස්ථරයන් ලවා කරවාගන්නා බව ඔවුන් දන්නා නිසාය..
මෙන්න මේ දෙවෙනි පිරිසට අයත් "සර්ලා" නැතිනම් "පිස්සන්" නිසා බොහෝ ආයතනව කීර්ති නාමය පළුදු වී ගොස් ඇති තැන් සමාජයේ බොහෝය. සුළු සුළු ලාබ ප්රයෝජනයන් පෙන්වා ආයතන හිමිකරුවන් "පිස්සන්" ලවා තම සේවක පිරිස් පාළනය කිරීමට යාම එක් අතකින් " බලලුන් ලවා කොස් ඇට බා ගැනීමක් හා සමානය.."
ආයතනයක් තම සාර්තකත්වය කරා පියනැගීමේදී එහි වැඩි බර දරන්නෝ සේවකයන්ය.ප්රධානීන්න්ගේ සැලකිල්ලක ඇත්නම් සේවකයෝද සතුටු සිත් ඇත්තෝ වෙති.එසේ නොමැති නැන වෙන්නේ විනාසයකි.එයින් වන්නේ පාඩු පිට පාඩු ලබන්නාවූ තත්වයකි..
මෙය ආයතනයකට සේම සෑම රටක පරිපාලන පද්ධතියටද පොදුවූ කාරණයකි..බුද්ධිමත් පාළකයෝ කිසිදා බලලුන් ලවා කොස් ඇට බාගන්නේ නැත..සියළු දෑ මනා කොට පරිපාළනය කරගනිති...නමුත් සැම දෙනා එසේ නොකරති..
පසුගිය රජය සමයේත් මෙවැනි චරිතයන් කිහිපයක් අපට හමුවිය..විටෙක එක්තරා ඇමතියෙකු සිය රාජ්‍ය නිලධාරියෙකු ගස් බැන්දේය...ආයෙ ලිහුවේය..රාජ්‍ය මාධ්‍යක් තුලට ගොස් යකා නැටුවේය...නොයෙකුත් අකටයුතුකම් කලේය..මහ ගසේ සෙවණට වී ගසට ආවඩමින් ගසේම සාරය උරාබොමින් වැඩුනේය..අවසානයේ මේ කඳ පණුවන් වැනි වූ චරිත නිසා ගස දිරාපත් විය...ඉන් අසරණවූ මෙමෙ සත්වයෝ වෙනත් ගස් සොයන්නට වූහ..බලලා මල්ලෙන් එලියට පැන්නේ මේ කාලයේය..සරණක් නොමැතිව අසරණ වූ මොවුන් නොයෙකුත් විකාර දොඩවන්නට පටන්ගත්තේය...මම එහෙම කලේ අරය කී නිසා..
මම එහෙම කීවේ මෙයාගෙ බලකිරීමට ...
වැනි දෙඩවිලි මාධ්‍යන් හට උණුසුම් පුවත් විය ..
ඒ එදාය..අද එහි දෙවන කොටස වත්මන් ආණ්ඩුව රඟපාමින් සිටිති.මෙහි සමීපතම සිදුවීම නම් පසුගිය දින පාර්ලිමේන්තුව තුල උද්ගතවූ සිද්ධියයි..මෙයට මුල්වූ පුද්ගලයා ගැන දැන් රටම දනී..නමුත් ආණ්ඩු පක්ෂය ඊට ගත් ක්‍රියාදාමය ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් කිරීම පමණකි..එය ඔහුට නිල වැකේශන් එකකි...ඉන් පසුව නොයෙකුත් හේතු දක්වමින් ආණ්ඩුව ඒ අවමනින් මිදීමට ක්‍රියා කරමින් සිටී. මේවැනි පුද්ගලයන් සිටීම ආණ්ඩුවකට එක් අතින් වාසියකි.මන්ද හදිසි අවස්ථාවකට මෙවන් පුද්ගලයන් යොදාගැනීමට පුළුවන් බැවිනි..නමුත් ඉන් ආණ්ඩුවකට වන අයහපත පිළිබඳ ව ඔවුනට ගාණක් නොමැත.මේ තත්වයද අප ඉහතින් දක්වනලද ප්‍රධානියා සහ පිස්සන් සටහනට සියයට සියයක් අදාල වේ...ආණ්ඩුවක ඉහළ පෙළ වැජබෙන්නෝ මෙවැනි චරිතයන් නිල නොවෙනා "ඉටුදෙවියන් "සේ ලා සලකති..නමුත් ආණ්ඩුවක් වැටෙන්නටද වැඩ සිද්දවන්නෙ මේ වැනි පුද්ගලයන් නිසාය..පාර්ලිමේන්තු සිද්ධියට අදාල ඇමතිවරයා සමඟ බි. බී. සී මාධ්‍ය වේදියෙකු පවත්වන ලද සාකච්ඡාවක් නොබෝදා එලියට ආවේය.එහිදී මාධ්‍ය වේදියා ඉහත සිදුවීමට වරද පිළිගන්නවාදැයි ඇසූ පැණයට එම ඇමතිවරයාගේ පිළිතුර වූයේ " කොහොමත්ම නැහැ..මම හිතන්නෙ මගේ අතින් උනේ හොඳ දෙයක් කියලයි " යන්නයි...
අවසන අනාගත සමාජය පරමාදර්ශී චරිතයන් කොට ගන්නේ මොවුන්මය..
-- හරස් වීදිය --
Subscribe to:
Posts (Atom)