Thursday, May 12, 2016

හර්බට් රංජිත් පීරීස්

උන්මාද සිතුවම් මැවෙ බිදේ
මීඳුම් වළා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ ...

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළග පමණි උරුමේ
හඩාවැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ ....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එ මල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ ...

" අන්න පුතේ පහන් කණුව කැරකෙනවා ...
ඉස්සර රෑට දකුණු අහස එළිය කරමින් විටින් විට වැටෙන විදුලි එළිය දුටුවම අපේ ආච්චි එහෙම කියනව ...දෙවිනුවර ප්‍රදීපාගාරයෙන් නික්මෙන එළිය එදා වගේම අදත් දකුණු අහස ඒකාලෝක කරනව...

එදා ඒ හැටි තේරුමක් නැතත් පහුවෙද්දිනම් පහන් කණුව කියන්නෙ ප්‍රදීපාගාරයට නොහොත් ලයිට් හවුස් එකට කියල අපි දැනගත්ත...අදටත් රෑට මාතර පහුකරල ටික දුරක් එද්දි දෙවිනුවර නැත්නම් දෙවුන්දර ප්‍රදීපාගාරයෙහි එළිය ඔබට දකින්න පුළුවන්...

මේ ලයිට් හවුස් එකේ එලිය දකිද්දි මට නිතරම මතක් වෙන්නෙ විශාරද  " ගුනදාස  කපුගේ "  ගයන මේ ගීයයි..මේ ගීය ඇසෙද්දි හදවතේ කොහේ හෝ තැනක පුංචි වේදනාවක් දැනෙන්නෙ මට විතරක්ද කියල මම දන්නෙ නෑ....සමහරවිට ඔබටත් එහෙම දැනෙනව ඇති....

විශාරද කපුගේ මේ ගීතය ගායනා කලේ  "  එක්ටැම්ගේ "  චිත්‍රපටයට... එක්ටැම්ගේ 1980 දි අපෙන් අකාලයේ වියෝවුන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ " හර්බට් රන්ජිත් පීරිස් "  නිර්මාණයක්....

කොතෙක් නැරඹුවත් ඇතිවෙන්නෙ නැති ගතියක්  " හර්බට් " ගෙ හැම නිර්මාණයකම තියනව කියලයි මට හිතෙන්නෙ..විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය නොකලට ඔහු විවිධාකාර අයුරින් නිර්මාණ හා සම්බන්ධවුනු පුද්ගලයෙක්... " සැනකෙළිය " චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ හර්බට් රන්ජිත් පීරිස්ගේ අවසාන සිනමා නිර්මාණය උනේ " හායි හූයි බබි ආච්චි "...

කොතෙක් සිනමා නිර්මාණ කලත් එක්ටැම්ගේ වගේ චිත්‍රපටයක් රන්ජිත් අතින් ආයෙ නිර්මාණය උනේ නෑ...ඊට හේතු උනේ ඒ කාලෙ වන විට අද වගේ එක එක වර්ගයෙ රැළි තිබුණු කාළයක රන්ජිත් අතින් එක්ටැම්ගේ වැනි වෙනත් ආකාරයක චිත්‍රපටයක් නිමැවීමයි...අද තිබෙන්නෙ ඓතිහාසික චිත්‍රපට රැල්ල වගේ එදා තිබුන චිත්‍රපට රැල්ල හා ඔහුගෙ  " එක්ටැම්ගේ "  ගැලපුනේ නෑ....මේ චිත්‍රපටයේ වටිනාකම දැනෙන්න ටිකක් කාලයක් ගතවුනා...

කොහොම උනත් හර්බට් රන්ජිත් පීරිස් කියන නිර්මාණ කරුවා අතින් ලස්සන ටෙලිනාට්‍ය නම් කිහිපයක්ම බිහිවුනා.."  හිරුට මුවාවෙන් " , " හිරු තනිවෙලා " , " ලෝකාන්තය " ඒ අතරින් කිහිපයක්...

සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම හොද රසවන්තයෙකු වූ හර්බට් රන්ජිත් පීරිස් අපෙන් වෙන්වුනේ අවුරුදු හැට නමයක ජීවිත ගමනක් නිමාකරල දෙදහස් හත වසරෙදි...පහන් කනුව යට අඳුරුයි කියල කතාවක් තියනව වගේ බොහෝ තරු වලට ආළෝකයක් දුන්න මේ පහන් කණුව ගැන මීට වඩා කතා කලයුතු යුතුව තිබුණ...." උන්මාද සිතුවම් කියන ගීය ඇහෙන වාරයක් වාරයක් පාසා හර්බට් රන්ජිත් පීරිස් බරවුනු දෙනෙතින් යුතුව කොහේ හො ඉදන් අදත් මේ ගීතය රසවිඳිනව ඇති කියල මට හිතෙනව...



-- හරස් වීදිය --

No comments:

Post a Comment